No title

වන්නි මෙහෙයුම

ඔබට විශ්වාස කරගත නොහැකි අන්දමේ සුපිරිම ක්‍රීඩාවක් අප ඔබ වෙත ගෙන ආවා.මෙය අනිවාර්යෙන්ම ලංකාවේ නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා අතරින් අංක එක වනවා නිසැකයි .මෙහි නිර්මාණකරු විශේෂ බලකායක අවුරුදු 3ක් සේවය කල සොල්දාදුවෙක් වන අතර ඔහු මෙය අපේ ත්‍රිවිද හමුදාවට උපහාරයක් වනු පිණිස ඔහු විසින් තනිවම නිර්මාණය කරන ලද්දකි.
මෙහි කතාව දිව යන්නේ කොඩිතුවක්කු නම් යුදහමුදා අනු කණ්ඩයක් බාර මේජර් වරයෙක් හා ඔහුගේ ප්ලටුනය වටාය.යුද්දයේ අසිරුම අවස්ථාවක ඔහුගේ හමුදා අනුකණ්ඩය දරුණු සැගවී පහරදීමකට ලක්වේ.ඔහුගේ ලගින්ම සිටි මිතුරා තස්තවාදීන් විසින් පැහැරගැනීමකට ලක්වන අතර ඔහු බේර ගැනීම හා තම මාතෘබුමිය තස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ ක්‍රියාන්විතය මෙහි අන්තර්ගත වේ.ඔබට මෙහිදී ගුවනේ මිග් යානා , MI 24 යානා පදවිමින් පහර දීම,යුද ටැංකි හසුරමින් පහරදීම ,නාවුක මෙහෙයුම් මෙන්ම සත්‍ය යුද්දයකදී මුහුණ දෙන සැම අත්දැකීමක්ම මෙය ක්‍රීඩා කිරීම මගින් අත්විදිය හැකිය.මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන්නක් වන අතර සම්පුර්ණයෙන්ම සිංහලෙන් ක්‍රියාත්මක වේ .

Post a Comment

Previous Post Next Post

Contact Form