ලෝකයේ වැඩියෙන්ම අලෙවි වු Hybrid වාහනය වන Toyota Prius

 Toyota Prius


        අද මම ඔයාලට කියන්න යන්නෙ Toyota Prius එක ගැන. මොකද කියනවනම් මෙ Car එක තමයිලු දැනට Toyota සමාගමේ වඩියෙන්ම අලෙවි වෙච්ච Hybrid Car එක.  කෝමත් අපිටත් Hybrid වහනයක් කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ Toyota Prius එකනෙ.

       ඔය ගොල්ලො දැකල ඇති විවිධ prius වර්ග. ඔය උඩින් තියන picture එකෙන් ඔයගොල්ලනට පේන්න තියෙන්නෙ දැනට අවිල්ලා  තියන ප්‍රධාන Toyota Prius  වර්ග ටික තමා. මීට අමතරව,Toyota Prius V ,Toyota Prius C ,Toyota Prius prime, Toyota Prius plug in hybrid වගේ මාදිලිත් දකින්න තියනව.

Toyota Prius C


Toyota Prius V

Toyota Prius Prime



Toyota Prius Plug in Hybrid


    නමුත් අද මම කියන්නෙ Toyota Ptius එක ගැන.  ඇත්තටම  Genarations 4ක් යටතෙ තමයි මෙම Prius car නිශ්පාදනය කරල තියෙන්නෙ. අපි දන් බලමුකො මෙ  Genarations අනුව ආපු cars මොනාද කියල.

 1'st Generation (1997-2003)

         1'st Genarations  එකේදි තමයි පලවෙනි Toyota prius එක නිශ්පාදනය උනෙ. Toyota prius XW10/NHW10 කියන Car එක. 1997 December 10 තමයිලු  මේක Release වෙල තියෙන්නෙ. ඇත්තටම Toyota සමාගම කියල තියෙන්නෙ Toyota Prius හි ආරම්භය වූ මෙ car එක Toyota සමාගම ලැබූ ලොකු ජයග්‍රහණයක් කියල තමයි කියන්නෙ. මොකද මෙ car එකට Japan Year of the car , Award එකත් හම්බ වෙලා තියනවලු.   මෙන්න මේක තමයි ඔය කියන Toyota prius XW10/NHW10 Car එක.

                                         

 2'nd Generation (2003-2009)

   මේ කාලයේදී තමයි දෙවන Toyota prius එක නිශ්පාදනය උනෙ.  ඒ තමා  Toyota prius XW20/NHW20 කියන car එක. 2003 තමයි මේක Release වෙල තියෙන්නෙ. මේ car එක නම්  අදටත් බොහෝ දුරට ලංකාවේත් දකින්න තියනව.   මෙන්න මේක තමයි ඔය කියන Toyota prius XW20/NHW20 Car එක.

    මේ car එකේ 1500 cc Straight-4|I4 DOHC 16 valve VVT-i Engine එකකින් සමන්විත වෙලා තියනවලු. එ වගේම  මෙම Engine එකෙන් 57 kW (76 hp) බලයක් ලබා දෙනව කියල තමයි කියන්නෙ. මේ කාර් එකේ Engine එකට අමතරව මෝටරයෙන් (Hybrid System) 50 kW (67 hp) බලයක් ලබා දෙනව කියල තමයි කියන්නෙ.

3rd Generation  (2010-2015)

   මේ වන විට Toyota Prius හි මනා පෙනුමකින් යුක්තව හා ගොඩක් feactures එක්ක අවිල්ල තියනව.  පහත ඔයගොල්ලන්ට පේන්න තියෙන්නෙ මෙම Generation හි පැමිනි පලමු 2010 Toyota Prius රථයයි. මෙම රථය නිෂ්පාදනයත් සමගම  Toyota සමාගම දෙවෙනි වරටත් Japan Year of the car , Award එක හම්බ වෙලා   තියනවලු.
      මෙම engine එක 1800 cc ධාරිතාවකින් යුක්ත වන අතර 98 hp බලයක් ලබාදෙනව කියල තමයි කියන්නෙ .  අනෙකුත් Generations එක්ක ගත්තම වැඩි කර්‍යක්ශමතාවකින් හා වැඩි feactures වලින් නිර්මානය කරල තියනව.

     
LED Projecter lamps
මේ වාහනය වැඩි දියුනු කරන ලද Reganerative Bracking System
එකකින්ද සමන්විත වෙනව.එ වගේම 15'' inh සහ  17 inh Alloy Wheels ද්කින්න පුලුවන්. මෙම වාහනය එලවීම පහසුව හා Petrol efition එක අනුව EV mode,ECO mode,Power Mode, යනුවෙන් Driving Modes කිහිපයකින් සමන්විත වෙනව.මෙම Generations හි දී ප්‍රථම වරට ඉදිරිපස  Head Lights සඳහා  LED Projecter Lamps භවිතා කරල තියනව.
Driving Modes
    තවද මෙම් වාහනයේ වැදගත් අංගය වන්නේ  sun & Moon Roof  එකක් සහිත වීමයි. මෙහිදී අපට අවශ්‍ය පරිදි වහලය Electricaly Egest කරගනීමේ හැකියාව තියනව.              ඒ වගේම මෙම වහලයෙ Solar panal එකක් දකින්න තියනව. එයින් සිදු කරන්නෙ වහනය අව්ව තියන තැනක නවත්වල ගිය විට මෙම Solar panal එක අදාරයෙන් වාහනයේ cooling fans ක්‍රියාවට නංවා අතුලත සිසිල් කිරීමයි. මෙහිදී cooling fans සදහා වාහනේ Battery එක වැය වීමක් සිද්ද වීමක් සිදු නොවේ.
Cooling System

Solar panal

එසේම තවත් සුවිශේශී විශේශාංගයක් වන්නේ Interligent Auto Parking System එකයි. මෙහිදී අපට වහනය park කිරීමේදි  Rivers Camera එක මගින් අවශ්‍ය තැන තෝරා දීමෙන් ස්වයන්ක්‍රීයව වාහනය  park වේ.



Click Hear to watch interligent auto parking system

කියන්න විස්තර තව ගොඩක් තියනව. තවත් ලඟදිම දවසක Toyota Prius Car එකෙ 4th Genaration  සහ 2012,2015 version toyota prius එක්ක හම්බ එමු යාලුවනෙ..

Post a Comment

Previous Post Next Post

Contact Form